බෞද්ධ මංගල උත්සව

බෞද්ධ විවාහ උත්සව හින්දු සංස්කෘතියෙන් ආභාශ ලබා ඇති අතර නැකැත් සඳහා වැදගත් ස්ථානයක් ලබා දෙයි. නැකැත විවාහ යුවලගේ ජන්ම පත්‍රය මත තීරණය වන අතර මෙම ජන්ම පත්‍රය සාදා ඇත්තේ ඔවුන්ගේ ජන්ම වේලාව මුල් කොට ගෙනය. මෙහි ඇති විවිධ සංස්කෘතික අංග අතරින් පෝරුව සිරිත මුල් ස්ථානයක් ගනියි. පෝරුව යනු අලංකාරවත්ව නිමවූ වේදිකාවක් වන අතර මෙහිදී මංගල්යයෙහි කටයුතු සිදු වේ. එම නිසා මෙය පෝරුව සිරිත යැයි හැඳින්වේ.

පෝරුව සැරසිලි

  • පුන්කළස්
  • මැටි පහන්
  • පිච්ච මල්
  • වී
  • පොරි

අභිවාහක

  • උඩරට නැට්ටුවන් – විකල්ප
  • අෂ්ඨක කථකයා
  • ජය මංගල ගාථා ගයන කණ්ඩායම
  • ඥාතියෙක්

අතිරේක

  • කෙණ්ඩිය
  • බුලත්
  • රන් නූල්
  • පහන්තිර
  • දෙමවුපියන් සඳහා තෑගි
buddhist Wedding

පෝරුව සිරිත

පෝරුව සිරිත ශ්‍රී ලංකාවට බුදු දහම හඳුන්වා දීමට ප්‍රථම තිබි ඇත. කාලයත් සමග මෙහි ඇති චාරිත්‍ර විධි වෙනස් වී ඇත.

මනාල පාර්ශවය පෝරුවෙහි වම් පැත්තෙහි ද, මනාලියගේ පාර්ශවය පෝරුවෙහි දකුණු පැත්තෙහිද එක්රැස් වේ.මනාමාලිය සහ මනාලයා දකුණු පය ඉදිරියට තබා පෝරුවට නැග සාම්ප්‍රදායික චාරිත්‍ර ඉටු කරයි.

ශීලාධිපති මංගල යුවලට බුලත් අතක් පිරිනමන අතර ඔවුන් එය නැවත ඔහුට ප්‍රදානය කරයි. ඔහු එය පෝරුවෙහි උස් තැනක තබයි. මෙය දෙවියන්ට බුලත් පූජා කිරීම සංකේතවත් කරයි.

මනාලියගේ පියා ඇයගේ දකුණු අත මනාලයාගෙ දකුණු අත මත තැබීමෙන් ඇයව ඔහුට භාර දීම සංකේතවත් කරයි. මනාලයාගේ පියා ඔහුට බුලත් මිටි හතකින් සහ එම සෑම මිටියකටම කාසියක් යුත් බන්දේසියක් දෙයි. මනාලිය හා මනමාලයා විසින් එක වතාවකට එක් මිටියක් බැගින් ගෙන එය පෝරුව මත හෙළයි.මෙම චාරිත්‍රය නෑදෑ පරම්පරා හතක් සිහි කිරීම සනිටුහන් කරයි.

මනාලයාගේ සහෝදරයෙක් ඔහුට රන් මාලයක් දෙන අතර මනාලයා එය මනාලියගේ කර වටා බඳියි. ඉන්පසු මනාල යුවලගේ සුළැඟිලි එකට තබා, රන් නූල් වලින් බැඳ ජලය වත් කරයි.

ඉන්පසු මනාලයා විසින් සුදු රෙදි කච්චියක් මනමාලියට දෙන අතර ඇය එය තම මව හට පිරිනමයි.ඉන්පසු මනමාලයාගේ මව මනමාලයා හට සාරියක් දෙන අතර එය මනමාල යුවල විසින් මනාලියගේ මවට පිරිනමයි.

ඉන්පසු මංගල යුවල පෝරුවෙන් බැස යනවිට ශීලාධිපති පොල් ගෙඩියක් බිදින අතර චාරිත්‍රානුකුලව විවාහපත් යුවල පොල් තෙල් පහනක් දලවයි.

ඉන්පසු මනමාලියගේ මව විශේෂ අමුද්‍රව්‍ය වලින් සාදා ඇති විසින් කැවුම් සහ කිරිබත් පිගානකින් මනමාල යුවලට සංග්‍රහ කරයි.

(Compiled and presented by Mr. K. N. Godage)