හින්දු මංගල උත්සව

හින්දු මංගල උත්සවයක අර්ථවාන්විතභාවය

මෙම උත්සවය පුරුෂයෙකුගේ සහ ගැහැණියකගේ බාහිර සහ ආධ්‍යාත්මික එක්වීම නිරූපණය කරයි. මෙහි ඇති පූජා විධි වලින් ස්ත්‍රියකගේ සහ පුරුෂයකුගේ ඇති සම්බන්ධතාවයෙහි ඇති අර්ථාන්විතභාවය නිරූපණය කරයි.

මංගල යුවල උස් තැනක අසුන් ගන්නා අතර එම ස්ථානය පූජකයෙකු විසින් දිව්‍යමය මැදිහත් වීමක් සඳහා පවිත්‍ර කරයි. චරිත්‍රානුකුලව මෙය සිදුකරන දිනය නැකත් වේලාවන් අනුව තීරණය වේ.

Nitchaya Thampoolam – Hindu Engagement

විවාහ ගිවිස ගැනීමේදී බුලත් කොළ සහ පුවක්, මංගල යුවල විසින් එකිනෙකා අතර හුවමාරු කර ගනී.

Ponn Urukku – Gold Melting Ceremony

මෙහිදී මනමාලයා විසින් මනමාලිය සඳහා තාලිය සැදීමට රත්තරන්, පවුලේ රන්කරුවා හට ප්‍රදානය කිරීම සිදු කරයි.

Maapillai Alaippu- Conducting Groom to the Hall

මෙහිදී තෝලන්, මනමාලියගේ සහෝදරයා සහ අනෙකුත් ඥාතින් හිත්මිත්‍රාදීන් මනාලයාගේ නිවසට ගොස්, ඔහුට තලප්පාවක් පිරිනමා, උත්සවය පවත්වන ස්ථානයට ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ හිතමිත්‍රාදීන් සමඟ යයි.

Maapillai Varavetpu – Welcoming the Groom

මනමාලයා මනමාලියගේ නිවසට පැමිණෙන විට මනමාලියගේ දෙමව්පියන් ඔහුට මල් මලාවක් දමා පිළිගනියි. තෝලන් ඔහුගේ දෙපයට ලෝකඩ භාජනයකින් ජලය වත් කරයී. එවිට ඔහු තෝලන් හට රන් මුදුවක් තිළිණ කරයි. අයහපත් බලවේගයන් ඉවත් කිරීම සඳහා ස්ත්‍රීන් දෙදෙනෙකු කෙසෙල් , පහන් තිර බඳුනක තබා ආරතී ඉටු කරයි.

ඉන්පසු නාත‍ය්වරම් සහ තාවිල් වාදනය මැද කැඳවාගෙන යයි.

දිව්‍යමය පාරිශෝධනය සහ ආරක්ෂාව

නැකැත් වේලාවේදී පූජකයා ශුද්ධ ජලයෙන් චාරිත්‍රය සිදු කරන ප්‍රදේශය පිරිසිදු කරයි. ඉන්පසු ඔහු පිල්ලෙයාර් පූසායි නැතහොත් ගණදෙවියන්ට යාඥාවක් කරයි. අයහපත් බලපෑම් ඉවත් කිරීමට පූජකයා විසින් මනාලයා හට පවිත්‍රම් එනම්, තණකොළ වලින් නිමවූ මුදුවක් සහ නූලක් දෙයි.

ඉන්පසු දෙපාර්ශවයෙන්ම විවාහක කාන්තාවන් තුන්දෙනෙකු හෝ පස්දෙනෙකු පාලිකායි පූජා විධිය පවතවයි.මනාලිය පැමිණි පසු අයටද පවිත්‍රම් වතාවත් කරයි. ඉන්පසු ශිව පාර්වතී නැත්හොත් තිරුකල්යානම් නැමති චාරිත්‍ර විධි ඉටු කරයි. ඉන්පසු ඕමම් නැමති පූජනීය ගින්දර දල්වා අග්නි දෙවතාවුන්වහන්සේ හට මෙම් විවාහයේ සාක්ෂි දරන මෙන් යටහත්ව ඉල්ලා සිටියි.

කන්තික තානම්

මෙයින් මනාලියව, මනාලයට භාර දී එම පවුලේ සාමාජිකාවක් කිරීම සංකේතවත් කරයි. දෙපාර්ශවයෙන්ම පුරුෂයන් තිදෙනෙක් මෙම විවාහයේ සාක්ෂි දැරීම සඳහා ආරධනා කරයි. මනාලියගේ පියා විසින් ඇයගේ දෑත මත බුලත් කොළයක් සහ පොල් ගෙඩියක් තබා , නැවත එය මනාල්යාගේ දෑත මත තබයි. මෙමගින් ඇයට ආර්ක්ෂාව සහ පෝෂණය සැලසීමට මනාලයා විසින් භාර ගන්නා බව සංකේතවත් කරයි. මනාලියගේ මව ඇයගේ ස්වාමියා අත මතට ජලය වත් කිරීමෙන් ඇය්ගේ අනුමැතිය ලබා දෙන බව සංකේතවත් කරයි. ඉන්පසු මනාලයාහට රන් කාසියක් දීමෙන් මනාලියව ඔහුට භාර දීම සංකේත්වත් කරයි. මෙම කාසිය ඔහු, ඔහුගේ දෙමව්පියන්ට දීමෙන්, ඇයව තම පවුලට පිළිගැනීම නිරූපණය කරයි.

ඉන්පසු ඔහු ඇයට කූරායි සහ තාලිය පිරිනමයි. මෙය දීමට ප්‍රථම නෑදෑයන් සහ පූජකවරයා මෙයට ආශිර්වාද කරයි. ඉන්පසු ඇය මනමාලයා වෙත ගොස් ඔහුට මල් මාලාවක් දමයි. මෙය ඇයගේ අනුමැතිය සහ පිළිගැනීම සංකේත්වත් කරයි.

පදක්සිනම් හා පූරණ අහුති-(Padaksinam and Poorana Ahuthi)

අග්නි යනු හින්දු භක්තිකයන් විසින් ගිනි දෙවියන් පිදීම සඳහා සිදු කරනු ලබන ප්‍රධාන චාරිත්‍රයකි. සාම්ප්‍රදායික ලෙස, විවාහ මoගල්‍යයයෙහි අභියස ගිනි මැලයක් සාදා මෙම චාරිත්‍ර කටයුතු සිදුකරයි. අග්නි චාට්චි ලෙස හදුන්වන්වන මෙය විවාහයේ සැබෑ සාක්ෂිකරු ලෙස පොදුවේ පිලිගනු ලබයි. තෝලන් සහ තෝලි එනම් මනාලිය සහ මනමාලයා විසින්, ගිනි දෙවියන් සඳහා සිදු කරනු ලබන උපහාරයක් වශයෙන් තනා ඇති පුජනිය ගිනි මැලය වටා දක්ෂිණාවර්තව තුන් වතාවක් ස්වාමියා සහ භාර්යාව වශයෙන් පළමු අඩිය තබා ගමන් කරයි.

පළමු වටය අවසානයේදී, ස්වාමියා සහ භාර්යාවගේ ආධ්‍යාත්මය ක්‍රමයෙන් සකස්කර ගැනීම සඳහා පියවර හතක් උතුරු දිශාවට මුහුණලා ගමන් කරන අතර මෙය සප්තපාදී ලෙස හදුන්වයි.

ඉන්පසුව මනාලයා විසින් මනාලියගේ දකුණු පාදයේ දෙවන ඇගිල්ලෙහි මින්ජියක්, රිදී මුදුවක් පළඳවයි. මෙමගින් ඇයට ආපදාවන්ට මුහුණ දීමට ප්‍රබල සහ විශ්වාසයක් ඇතිකරවයි.

දෙවන වටය අවසානයේදී මනාලයා විසින් දෙවන මින්ජිය ඇයගෙහි වම් පාදයෙහි දෙවන ඇගිල්ලෙහි පළඳවයි. මෙම අදියරේදී මනාලයා විසින් තම මනාලියව අරුන්තති පාර්ති නැමති තාරකාව සිහිපත් කරයි. මෙමගින් ස්වාමියා සහ භාර්යාව යන දෙදෙනාටම වැදගත්කොට සලකනු ලබන අරුන්තති නමැති තාරකාවිය සතු නැණවත්බාවය, යහපත්බාවය, චරිතවත්බාවය සහ භක්තිවන්තබාවය යන ගුණාංග තම භාර්යාවටත් එම අභාෂය ලබා ගැනීම සිහිපත් කරයි .

මොතිරම් එදුතල් නැතහොත් මුදු සොයාගැනීමේ තරගයක් තෙවන වටය අවසානයත් සමඟ මනාලිය හා මනාලයා අතර සිදුකරයි.

අනතුරුව යුවල විසින් පූර්ණ අහුති නමැති පුජාව සිදුකරන අතර දෙවියන්ගේ නියෝජිතයා වන ගින්න සඳහා ධාන්‍ය, පැණි හා පළතුරු පුජා කරන අතර ඔමුම් නැතහොත් පැමිණ සිටින පිරිස පුජනීය ගින්නෙන් ආශීර්වාදය සහ පවිත්‍ර විවාහ භන්දනයක් ලබා දෙන මෙන් අයැද සිටියි.


Thaali Kattu – The Nuptial Knot (තැලි කට්ටු – විවාහ බැඳීම)

විවාහ උත්සවයෙහි උසස්ම අවස්ථාව ලෙස තැලි චාරිත්‍රය හැඳින්විය හැක. තැලි යනු පුජනීය ලකුණු සටහන් කර ඇති රත්රන් එබ්බවූ සුරයක් කෝඩි නමැති රන් මාලයෙහි අමුනා භාර්යාව විසින් පළදින අතර එය ඇගේ ස්වාමියා ජීවත්ව සිටින තුරා ඇගේ හදවත මෙන් රැකගත යුතුයි .

තැලි උත්සවය ආරම්භයේදී , කෙට්ටිමෙලම් නමින් පුජකයා හඳුන්වන ලබන අතර ඔහු විසින් මන්ත්‍ර කියමින් අසුභ පෙරනිමිති පලවා හැර දමයි.

මනමාලයාගේ ස්ථාවර බැම්ම වන තැලි කට්ටු නමැති තැලි මාලය මනමාලියගේ ගෙල වටා පළඳවයි. ඉන්පසුව කුංකුම ඇඟිල්ලට ගෙන ඇගේ නළල මත තබයි, රත් පැහැති තිතක් වන මෙය කුංකුම පොට්ටු නමින් හැදින්වේ. තවද මෙය විවාහ වූ හින්දු කාන්තාවන්ගේ සංකේතයක් ලෙසද පිළිගැනේ. මෙම කටයුතු සියල්ලත් සමඟම විවාහයටපත් යුවලට මල් ඉස ආශීර්වාද දක්වයි. පුජකයා විසින් විවාහය නමැති බැම්ම පිලිබඳ සාක්ෂිදෙමින් දේව ආලෝකය ලබාදීම සංකේතාත්මකව දැක්වීමක් ලෙස පහනක් දැල්වීම සිදුකරයි. එලෙසම ළඟම නෑදෑයෙක් විසින් පොල් ගෙඩියක් දෙපලුකිරීම මඟින් අවිහිංසාව සංකේතවත් කරයි. රසවත් පොල් වතුර ආදරය සංකේතවත් කරන අතර සුදු පැහැති පොල් මදයෙන් පාරිශුද්දත්වය ද බිඳුණු කටුවෙන් ආත්මාර්ථය නැතිවී යාමද සංකේතවත් කරයි.

විවාහ වූ යුවල මල්මාලා හුවමාරු කරගන්නා අතර මනාලයා මනාලියගේ වම් දිශාවට ගමන් කරයි. එමඟින් ඔවුන්ගෙන් බලාපොරොත්තුවෙන්නේ එකිනෙකා පෝෂණය කර කිරි සහ පැණි මෙන් මධුර සහ නොනිමෙන ආදරයක් බෙදාගැනීමට පොරොන්දු වීමයි.

අසීර්වාතම් – ආශිර්වාදය(Aseervaatham – Blessings)

ප්‍රථමයෙන් යුවලට පුජකයා විසින් වාසනාවේ,සෙව්භාග්‍ය හා සශ්‍රිකත්වයහි සංකේතයක් ලෙස සැලකෙන සහල් ඉසිමින් ආශිර්වාද කරනු ලබන අතර එලෙසම මනමාලයාගේ දෙමව්පියන්, මනමාලියගේ දෙමව්පියන්,නෑයින් හා හිතමිත්‍රාදීන් විසින් සහල් ඉසිමින් ආශිර්වාද කරනු ලබයි.

විරුන්තුපසරම් – මංගල උත්සවය(Virunthupasaram – The Wedding Feast)

මංගල උත්සවයෙහි ප්‍රධානම අවස්ථාවක් ලෙස පැමිණ සිටින ආරාධිතයන්ට භෝජන සංග්‍රහයක් පිරිනැමීම සිදුකරනු ලබයි. පැමිණ සිටින සම්භාවනීය අමුත්තන්ගෙන් ආශිර්වාදය ලබාගැනීමත් සහ ඔවුන්ට විනෝද වීම සඳහා විරුන්තු නමින් හැඳින්වෙන රාත්‍රී සංග්‍රහයක් ලබා දෙන අතර මෙය අරුසුවි නමැති රස හයකින් යුතු භෝජන වර්ග හයකින් පිළියෙළ කරනු ලබයි .